SI නිදන ඇඳ මත මිය යයි
මරදාන ඩී. ආර්. විජයවර්ධන මාවතේ සැපයුම් කොට්ඨාසය ගබඩා පාලක ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා එම ගබඩාවේ නිදන ඇඳක් මත ඊයේ (26) හිටිහැටියේ මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ නිට්ටඹුව කහටෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටී මුතු තන්ත්‍රිගේ ගාමිණි (53) යන අයයි.
මියගිය අය ඉකුත් 25 වැනිදා රාත්‍රියේ එම ගබඩාව තුළ තනිව සිට ඇතැයිද ඊයේ ( 26) උදේ ඇඳ මත මිය ගොස් මියගොස් සිටින අයුරු පොලිස් නිලධාරියකු දැකීමෙන් අනතුරුව ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිස් නිලධාරියෙක් කීය.
මිය ගිය පොලිස් නිලධාරියගේ ඇඳ ආසන්නයේ තිබූ ගමන් මල්ලෙ ඖෂධ වර්ග කිහිපයක් තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
එම පොලිස් නිලධාරියා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගත් බව ඔහුගේ බිරිඳ ලබාදුන් ප්‍රකාශයක සඳහන් වන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෘතදේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පි සි ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
popular news
-
Sirikuma Wednesday, 28 April 2021 07:21 AM
අනුන්ට දෙන ගින්දර ආපසු හැරී තමන්ටම එනවා කියලා දැන ගෙන ඉන්න එක හොඳයි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

