දේශපාලන රැළියකදී හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තමා පිළිබඳව අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තම කීර්තිනාමයට හානි සිදු වු බවත් ඒ සඳහා රුපියල් බිලියනක වන්දියක් ඉල්ලමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එන්තරවාසියක් යොමුකර තිබේ.
එම රැළියේදී ෆොන්සේකා මහතා සඳහන් කළේ වැලිකන්දෙන් අක්කර 2000ක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ලබාදී ඇති බවත් අලිමංකවල් තුනක් වසාගෙන වැටක් ගසාගෙන ඇති බවයි.