අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම විසින් සිදුකළ අධ්‍යනයේ වාර්තාව මේ සතියේදී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අවසන් කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති නමුත් දැනට එම බස් රථ 400ත් පමණ සේවයෙහි යොදවා ඇති බැවින් එම බස් රථ මගී ප්‍රවාහනය සඳහා යෙදවා ඇති පාර්ශ්වවල ඉල්ලිම් කෙරෙහිත් සවන් දිය යුතුව ඇතැයි අමාත්‍යාංශය නිවේදනය කරයි.
එබැවින් අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අවසන් කරන්නේ නම් ඒ වෙනුවට ඔවුන්ට ලබා දිය යුතු විකල්පය සම්බන්ධයෙන් එම පාර්ශ්ව සමග සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබුණි.