නෙවිල් ප්‍රනාන්දු රෝහලට හා සයිටම් ආයතනයට රුපියල් බිලියන 3.5ක වන්දියක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව නීත්‍යනුකූලව රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට ගෙවිගිය මාස 18ක කාලය තුළ රුපියල් මිලියන තුන්දහස් හයසීයක මුදලක් වියදම් කර තිබෙන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ අද (25දා) ජනාධිපති විශේෂ කොමිසමට පැමිණිලි කළ බවත්, ඉදිරියේදී මෙම කොමිසමට තවත් පැමිණිලි විස්සක් ඉදිරිපත් කරන බවත් ඔහු පවසා සිටියේය.
පසුගිය වසර හතරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ වංචා, දූෂණ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත්කළ බවද සහකාර ලේකම්වරයා සඳහන් කළේය.