ජාතික ඉන්ධන බලපත්‍රය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගම් දෙකක 100කට අධික සේවක පිරිසක් සහාය දැක්වූ නමුත් මෙම අවස්ථාවේදී එම සමාගම් දෙකේ නම් හෙළිකිරීමට ඔවුන් අකමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එම සමාගම් දෙක මෙන්ම ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනද මේ සඳහා තම දායකත්වය උපරිමයෙන් ලබාදුන් බවද අමාත්‍යවරයා පවසයි.
එසේම ජාතික ඉන්ධන බලපත්‍රය තවදුරටත් අවශ්‍යතා සපුරාලමින් යාවත්කාලීන කරගෙන යන බවත් ඔහු ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ඉන්ධන ගැටලුව අවසන් කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය පමණක් ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවැසීය.