QR ක්‍රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන නෑ
ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට රතීරණයක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ දමා QR ක්‍රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇති බවට මේ වන විට මාධ්‍ය තුළත් සමාජ මාධ්‍ය තුළත් පුවත් හුවමාරු වෙමින් පවතී.
කෙසේ වෙතත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ජාතික ඉන්ධන බලපත්‍රය හරහා නිකුත් කරන කරන ඉන්ධන කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට එහි දත්ත විශ්ලේෂණය කරනු ඇති බවයි.
එසේම ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර පද්ධතිය පිළිබඳ තීරණ ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
popular news
-
Deepal Nirosh Monday, 27 February 2023 10:01 AM
QR කේත කියල ක්‍රමවේදයක් වෙනස් කරන්න තීරණයක් ගත්තෙ නැහැ, මොකද එහෙම වෙනස් කරන්න කියල QR කේත ක්‍රමවේදයක් තිබ්බෙ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
