ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් කරන ලද චෝදනා පිළිබඳව විමසීම සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හා තමන්ව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වෙත කැඳවන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එසේම මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සහ වෙනත් යම් කරුණක් සම්බන්ධයෙන් කෝප් කමිටුව සහ මහජනතාව නොමඟ යවා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.