මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලද පරිදි ගාස්තු සංශෝධනයකින් ලංවිමේ අතීත පාඩුව අයකර ගැනීමට රජය යෝජනා කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉදිරිපත් කරන ලද යෝජනාව වූයේ අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා සහ දැනට පවතින විදුලිබල සැපයුමේ පිරිවැය අයකර ගැනීම සඳහා ස්වයංක්‍රීය පිරිවැය ආවරණය වන ගාස්තු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.