පොලිස් යතුරු පැදියකින් යමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (3දා) ඩී. ආර්. විජයවර්ධන මාවතේ දී ත්රීරෝද රථයක ගැටීමෙන් තුවාල ලබා ඇතැයි කොටුව පොලීසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන් (13544) පී. කේ. විජයරත්න (49) හා කොස්තාපල් (91685) නුවන් යන නිලධාරීන්ය.
තුවාල ලද නිලධාරීන් දෙදෙනා කොළඹ කොටුව ජනාධිපති ආරක්ෂක අංශයේ සිට ඉබ්බන්වල පිහිටි ඇමති ආරක්ෂක අංශය වෙත ඩී ආර් විජේවර්ධන මාවත ඔස්සේ යතුරු පැදියෙන් යමින් සිටියදී එම දිසාවටම ගමන් ගත් ත්රීරෝද රථයක් මගියකු බස්සවා ඉදිරියට ධාවනය කිරීම සඳහා මාර්ගයේ දකුණු පසට ගැනීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් පොලිස් යතුරුපැදියට බරපතල අලාභ සිදු වී ඇති බව පොලිසිය කියයි. ත්රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි