කුකුළු ආහාර ප්‍රවාහනය සඳහා අනුමැතිය ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්ව මල්ලවපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට රාජකාරි අවස්ථාවේදි පහර දුන් බව කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
අද (31) පෙරවරුවේ මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල භූමියේදීම මෙම පහරදීම සිදුව ඇත
මල්ලවපිටිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු මල්ලවපිටිය බල ප්‍රදේශයේ නිවෙස් වලින් සහ පොල්තෙල් හා සහල් නිෂ්පාදන ආයතන වලින් කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය එකතු කිරීමට යාම සඳහා බලපත්‍රයක් ලබා දෙන මල්ලවපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගෙන් ඉල්ලා ඇත .
කොරෝනා වෛරසය හේතුවෙන් රජය පනවා ඇති නීතිරීති වලට අනුව එසේ ප්‍රදේශය තුළ සංචාරය කිරීම තහනම් බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත .
අදාළ බලපත්‍රය ලබා නොදීම සම්බන්ධයෙන් කෝපයට පත්ව ඇති එම ව්‍යාපාරිකයාගේ පුත්‍රයා පසුව පැමිණ ඒ පිළිබඳව විමසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදී ඇති බව පොලීසිය කියයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කරමින් පහර දීම , රාජකාරි අවස්ථාවෙිදි කාර්යාල භූමිය තුළදී පහර දීම , පනවා ඇති ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් හැසිරීම යන චෝදනා යටතේ සැකකාර තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි . සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගීතාංජලී ප්‍රියදර්ශනී