PCR පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල් සහාය වැඩි කරයි
දැනට පවතින තත්ත්වය මත කොවිඩ් - 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (02දා) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන ලදී.
පෞද්ගලික රෝහල් වල තිබෙන පරීක්ෂණාගාර වල සිදු කෙරෙන P.C.R. පරීක්ෂණ නියාමනය කිරීම, P.C.R. පරීක්ෂණ වල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම, සිදු කරනු ලබන P.C.R. පරීක්ෂණ වල ධාරිතාවය වැඩි කිරීම යන ප්‍රධාන කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ මෙම P.C.R. පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමණකාරිත්වය සිය එකගතාවය පළ කළේය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් - 19 මර්දන වැඩපිළිවෙලේදී P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකරගැනීමට පෞද්ගලික රෝහල් තුළින් ලබාදෙන මෙම සේවාව රජයක් ලෙස ඉතා අගය කරන බවයි.
popular news
-
lokka Tuesday, 03 November 2020 08:58 AM
wena mukuth neme, henchayiyanta, golayanta hamba karaganna maralayak. Dan PCR karaganna pahasukam , prathipadana nathi ekath mawala thiyenne Hadisi Petrol, Hadisi Electricity perchase karana marale wage. Policiye, Hamudawe ayata orders deela thiyenne thopi Corona hadagaena enne ehema naha, Testing karanna yawanne naha PCR oni nam private karapalla niyayayi. Masu Subagyaye dakma.... sir.. penne nadda, penne nathiwa wage inna wada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

