(UPDATE) පානදුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණය ගැලවීමට උත්සාහ කිරීම හේතුවෙන් සපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැප් ගායකයා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (21දා) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැරුණේ ආචාරිගේ චමත් චානක නොහොත් රැප් ෆිල්ටි නැමැති පුද්ගලයාය.මීට අදාළ නඩුව ඔක්තෝබර් මස 12වැනිදා කැඳවීමට නියමිතය.
12.05 PM OICගේ මුහුණු ආවරණ ඉවත් කරන්න ගිය ෆිල්ටි අත්අඩංගුවට
රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ දැරූ ගායකයෙකු වන ෆිල්ටි ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
පානදුර, කෙසෙල්වත්ත තක්ෂිලා පාසලේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත්‍රණයකට පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයමින් සිටි ඇත.
සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී , ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති අතර , එහිදී සැකකරු ස්ථානාධිපති වරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලිව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය
