ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබා ගැනීම සඳහා දින වෙන් කර ගැනිමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සීමා කිරීමට සිදුවූ අතර එම සේවාව යළිත් ආරම්භ කිරීමට සැලසුම් සිදුකරමින් පවතින බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සාමාන්‍ය සේවය යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මගින් ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමුකළ හැකි අතර එම ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කර ලියාපාදිංචි තැපෑලෙන් ඉල්ලුම්කරුවන් වෙත යොමුකරනු ලබයි.
එමෙන්ම මේ වන විටත් දෙපාර්තමේන්තව වෙත ඉල්ලුම්පත් යොමුකර ඇති කිසියම් ඉල්ලුම්කරුවෙකු තම ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් 011-5226126 හෝ 011 -5 226 100 යන ක්ෂණික දුරකතන අංක අමතා ඒ බව දැනුම් දිය හැක.
තවද ජාතික හඳුනුම්පත ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දැකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන් වෙතොත් දෙපාර්තමේන්තුවට යොමුවීමට පෙර තම ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු වීමෙන් හෝ ඉහත දුරකනත අංක මගින් දිනයක් හා අංකයක් වෙන් ගෙන පැමිණීම අනිවාර්ය බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.