NBRO සේවකයන් 23ක් කූඨ ලේඛණ සකසා රක්ෂණ වන්දි අරගෙන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සේවකයින් 23 දෙනෙකු විසින් අවස්ථා 29ක දි ව්‍යාජ බිල්පත් හා ව්‍යාජ නිල මුද්‍රා සකස්කොට සමුහ ජීවිත රක්ෂණ හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය මගින් රුපියල් දහඅටලක්ෂ විසිදහසක (1,820,000) මුදලක් රක්ෂණ වන්දි වශයෙන් ලබාගෙන ඇතිබැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මේ අයුරින් කුඨ ලේඛන සකස්කර රක්ෂණ වන්දි ලබාගත් නිලධාරින් හයදෙනෙකු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. කුඨ ලේඛණ සකස්කර රක්ෂණ වන්දි ලබාගත් නිළධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි කඩිනමින් කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර රක්ෂණ වන්දි මුදල් ලබාගත් සේවකයින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් විගණනයට සදහන් කොට ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

