MS ජනපති අපේක්ෂක වෙනවට MR විරෝධයක් දක්වා නෑ
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයක් ගොඩනැගුවද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වනවාට මහින්ද රාජපක්ෂ මහතා විරෝධය පළකර නොමැති බවත් අද (10දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සටහනක් දිය හැකි එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් වන බවත්, දෙකට තුනට බෙදී වෙන්වී කටයුතු කළහොත් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාට ඒ තුළින් වාසි අත්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය වී තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා බව යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
popular news
-
rocky Thursday, 10 January 2019 08:27 PM
දෙයියන්ගේ පිහිටෙන් උන්නැහේ ආවොත් නම් පරාද වෙන බව ෂුවර්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

