හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල මූලික ගැටලූ නිරාකරණය සඳහා වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ අද (04දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක වුව ද මූලික පහසුකම්වත් හිමි නොවූ ජනතාව විශාල පිරිසක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන බැවින් ඔවුන් නඟා සිටුවීමට කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
දිස්ති‍්‍රක්කයේ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම, හේන් ගොවියන්ට ස්ථීර වගා ක්‍රමයට යා හැකි ආකාරයට ඉඩම් ගැටලුවට විසදුම් ලබාදීම, හේන් ගොවියාගේ ජල ගැටලුවට විසදුම් ලබාදීම, වන අලි තර්ජනය සඳහා දිගුකාලීන විසඳුම් ලබාදීම ඇතුළු ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
.