MCC ගිවිසුමේ අහිතකර වගන්තිය පෙන්වන්න - අජිත්ගෙන් අභියෝගයක්
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ කුමන වගන්තියක් රටට අහිතකරවේදැයි පෙන්වන ලෙස අමාත්‍ය අජිත් පෙරේරා මහතා අභියෝග කරයි.
වොක්ෂ්හෝල් වීදිය පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ඊයේ (03දා) පැවැසීය.
“ MCC ගිවිසුම ගැන විවිද පාර්ෂව යොදා ගනිමින් අසත්‍ය වපුරවමින් සිටිනවා. මෙම ගිවිසුම අත්සන් කරළා නැහැ. ගෝඨාභයගේ ප්රචාරක කණ්ඩායම, කාදිනල්තුමා සම්බන්ධ කරමින් ව්‍යාජ පුවතත් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව කරුණු හෙළිදරව් වී තිබෙනවා. මෙම MCC ගිවිසුමේ, රටට අහිතකර මොන වගන්තිය ද ඒහෙම වගන්තියක් තිබෙනවා නම්, එම වගන්තිය කුමක් ද කියලා රටට හෙළිදරව් කරන්න කීයලා අභියෝග කරනවා.
මාධ්‍ය කරුවෝ හැටියට, මෙම වගන්තියේ කුමන වගන්තිය ද රටට අහිතකර කියලා, ගෝඨාභය ඇතුළු පාර්ෂවලින් ප්‍රශ්න කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම මිලේනිජයම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම, රටට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක ආධාර මුදලක් ලැබෙනවා. ණයක් නොවෙයි.මෙය තනිකරම, ආධාර මුදලක්, ණයක් නොවෙයි මේ හරහා රටට ලැබෙන ඉතාම වාසි සහගත ගිවිසුමක්.”

popular news
-
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:22 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 2

Reply : 0 0
Champa Monday, 04 November 2019 12:32 PM
එක වගන්තියක් නෙමෙයි මුළු ගිවිසුමම රටට අහිතකරයි. මංගලගේ ලිපියක් තිබ්බ Colombo Telegraph එකේ සිංහල පැත්තේ. මම ඒකට උත්තරයක් දැම්ම. තව රට වෙනුවෙන් හැමදාම හඬක් නඟන ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ, විමල් වීරවංශ ඇතුළු රටට ආදරේ දේශපාලකයෝ ගණනාවක් සහ සිවිල් සමාජය මේ ගිවිසුමෙන් සිද්ධ වෙන අනර්ථය ගැන කියල තියෙනවා. වහල් ආණ්ඩුවට සල්ලි නෑ. ඒ හින්ද ඇමරිකාවට රට පාවල දීල මේ සල්ලි ටික ගන්න යන්නේ. ඊට පස්සේ ලංකාව ඇමරිකාවේ වහලෙක් වෙනවා. අපේ සියලු ප්‍රතිපත්ති තීරණය කරන්නේ දේශපාලනයකරණීය වුනු MCC එක. ජනාධිපති අපේක්ෂයන්ද ඇතුළුව මුළු රටම මේ MCC ගිවිසුමට විරුද්ධ වෙන්න ඕනේ. එහෙම විරුද්ධ වෙන්නේ නැති අපේක්ෂකයන්ට චන්දෙ දෙන්න එපා කියල රටටම කියනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.