MCC ගිවිසුමට පෙරටුගාමි සමාජවාදීන්ගේ විරෝධය
බරපතළ සමාජ විරෝධයකට බඳුන් වි තිබූ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සඳහා කඩිමුඩියේ අනුමැතියක් ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය පිළිබඳ පෙරටුගාමි සමාජවාදි පක්ෂය සිය විරෝධය පළ කර තිබේ.
අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් එල්ලවූ විවේචන නිසා එය අත්සන් නොකරන බවට ලංකාවේ ආණ්ඩුව හා අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශකර තිබූ තත්ත්වයන් තුළ ජනාධිපතිවරණය ආසන්නයේ, සමාජ අවධානය ව්‍යාකූල වී ඇති අවස්ථාවක, හදිසියේ මෙය අත්සන් කිරීමට තීරණය කිරීම සමාජය සම්බන්ධයෙන් අතිශය වගකීම් විරහිත හා ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් බවයි.
ඒම නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ මෙවැන්නකි,
“අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වහාම ජනතාවට හෙලිදරව් කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයන් සිය ස්ථාවරය සමාජය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් අපි බලකර කියා සිටිමු.
සිය ප්‍රාග්ධන අභිලාෂයන් වෙනුවෙන් ඉන්දීය සාගරයේ වෙළඳ - නාවුක - යුද බලය තහවුරු කර ගැනීමට වියරු තරගයක නිරත වන ඇමරිකා එක්සත් ජනපදය, චීනය ප්රමුඛ අධිරාජ්‍යවාදී ලෝක බලවතුන් මෙන්ම කලාපීය වශයෙන් බලවත් රාජ්‍යයන් විසින් ඉන්දියානු සාගර කලාපයේ උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති ලංකාව කෙරෙහි සිය අවධානය යොමු කර තිබේ. චිනය සම්බන්ධවන වරාය නගර ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය මිලදී ගැනීම ආදිය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධවන සෝෆා, ඇක්සා, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආදී ගිවිසුම් මේ බලපොරයට ලංකාව සම්බන්ධ කෙරෙන උත්සාහයන් වේ. මේ අනුව ලංකාවේ පාලකයන් විසින් අනුගමනය කරන අධිරාජ්‍යගැති, මුග්ධ ක්‍රියාමාර්ග විසින් ලංකාවේ ජනතාව අන්තර් අධිරාජ්‍ය ප්රතිවිරෝධයේ හා ඇතැම් විට න්‍යෂ්ටික බලවතුන් අතර කෙරෙන ලෝක යුද්ධයක ගොදුරක් විමට නියමිතය.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වහා පරාජය කිරීමට ජනතා බලයක් සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කැඳවුම් කරන්නේ එහෙයිනි.
එමෙන්ම ලෝක ආහාර නිෂ්පාදනයේ ඒකාධිකාරය බහුජාතික සමාගම් සතුකර ගැනීමේ ව්‍යාපෘතියේ කොටසක් වන සුළු හා මධ්‍ය පරිමාණ ගොවියා ඉඩම්,ජලය, බීජ අයිතීන්ට අස්වාමික කර කෘෂිකර්මයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණයද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ක්‍රියාත්මක වේ. විශේෂයෙන් ගොවි ඉඩම් ගොවීන්ගෙන් උදුරාගෙන ඒකාධිකාර සමාගම් සතු කිරීම සඳහා පසුගිය කාලයේ කරළියට පැමිණි රාජ්‍ය ඉඩම් බැංකු පනත් කෙටුම්පත, රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ආදී නව නීති සහ මෙම ගිවිසුම එකම ව්‍යාපෘතියක කොටස් වේ.
මෙම ගිවිසුම මගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා විහිදෙන තීරුවක ඉඩම් අක්කර ලක්ෂ 12ක් බහුජාතික සමාගම්වල කාර්මික කලාප සහ වාණිජ බෝග වගාවන් සඳහා වෙන්කරදීම කෘෂිකර්ම ක්ෂේත්රයට ප්රාග්ධනයේ වියරු කඩාපැනීම සහ එමඟින් ලක්ෂ ගණනක් ජනයාගේ ජීවන අයිතීන් උදුරා ගැනීම පිළිබඳ ප්‍රබල නිදසුනකි.
මෙවන් ගිවිසුම්වලට එළඹීමට නොපැකිලව ඉදිරිපත් වීමෙන් පාලක පංතියේ ජනතා විරෝධී ස්වභාවය සහ පරාධීනභාවය හෙළිදරව්වන අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද මැතිවරණ බලපොරය අතරතුර ජනතාවගේ ඇස් ප්රචාරක සංදර්ශනවලින් නිලංකාරකර ජනතාවට හානිකර ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට ඉඩ නොතබන ලෙසද අපි සියලු සමාජ බලවේග වලින් ඉල්ලා සිටිමු.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම වැලැක්වීම සඳහාද එය අත්සන් කළහොත් ක්‍රියාත්මක වීමට ඉඩ නොදී එය නිෂ්ක්‍රීය කිරීම සඳහාද ජනතාව සංවිධානයවීම සහ ජනතා බලයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා පෙළගැසෙන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි වැඩකරන ජනතාව ප්රමුඛ සියලු ප්රගතිශීලී බලවේගවලට සහෝදරාත්මකව ආරාධනා කර සිටිමු”.

popular news
-
Deepal Nirosh Saturday, 02 November 2019 10:44 AM
මේ ගිවිසුමට මහින්ද විරුද්ධ වුණා, ගරුතර මහා සංඝරත්නය අකමැත්ත ප්‍රකාශ කළා, අති උතුම් කාදිනල්තුමා ජනමත විචාරණයක් අවශ්‍ය බව අවංකව ප්‍රකාශ කළා. දැන් මෙයාලත් විරුද්ධත්වය ප්‍රකාශ කරල. හැබැයි මෙයාලගෙ මව් සීනුව නම් තාම මේ ගැන කටක් හොලවන්නෙ නැහැ. පුදුමයි, ඒත් ඇත්තයි.
Reply : 0 0
කුරුටුගාමියා Sunday, 03 November 2019 07:28 AM
ඔහේලා විරුද්ධ නැති දෙයක් කියනවද.අඩුතරමේ විශ්ව විද්‍යාල සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්නවත් ඉඩනොදෙන ඔහේලාට කල හැක්කේ සෑම දෙයටම විරුද්ධවීම පමණයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

