MCC ඩොලර් මිලියන 480 ඉක්මනින්ම ලැබේවි - හර්ෂ
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් (ඉඩම් මැනීම, උසස් තාක්ෂණික රථවාහන කළමණාකරණය, පළාත් මාර්ග සංවර්ධනය) වෙනුවෙන් ඇමෙරිකාවේ සහස්ර අභියෝගතා සංස්ථාව විසින් ලබාදිමට නියමිතව තිබූ මුදල් ප්‍රධානය ඉතාමත් ඉක්මනින්ම නැවත ලබාගැනීට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මුදල් අමාත්‍ය මංගල සමරවිර, හර්ෂද සිල්වා මහතා ඇතුළු පිරිසක් හා ඇමෙරිකාවේ සහස්ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් නෑෂ් මහතා අතර ඇමෙරිකාවේදී පවත්වා තිබේ.
මේ හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් වන අතර එම මුදල් නැවත ඇමෙරිකාවට ගෙවා දැමීමට අවශ්‍ය නොවේ.
මේ සඳහා වන ගිවිසුමට පසුගිය දෙසැම්බර් 17 දා අත්සන් කිරීමට නියමිතව තිබුණත්, එවකට ශ්‍රි ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් එම ගිවිසුමට අත්සන් කිරීමට නොහැකි විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

