මැලේසියාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැලේසියානු පොලීසිය තමන්ට ලබාදුන් හේතු පිළිබඳව තමන් සෑහීමකට පත්වන බව මැලේසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මෝහොමඩ් සඳහන් කරයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ සැකකරුවන් 12ක් මැලේසියානු පොලීසිය විසින් පසුගිය සතියේදී අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් කළ විමසීම්වලදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
“අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මට පොලීසිය දැනුම් දුන්නා. ඒ වගේම ඒ සඳහා හේතු ඔවුන් පැහැදිලි කළා. එසේ ලබාදුන් හේතු පිළිබඳව මම සෑහීමකට පත්වෙනවා” යැයි මැලේසියානු අග්‍රාමාත්‍යවරයා පවසයි.
මැලේසියානු මාධ්‍ය ඇසුරෙනි
