කෙරවලපිටිය ස්වාභාවික වායු බලාගාරය දේශීය සමාගමක් වන ලක්දනවි සමාගමට ලබාගැනීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව එල්ටීඑල් සමාගමේ කාර්යමණ්ඩල වෘත්තිය සමිතිය පැවසීය.
ටෙන්ඩර් පටිපාටිය නියමිත ක්‍රියාමාර්ගයට සිදුවූයේ නම් මෙම බලාගාරයේ ඉදිකිරීම් ලක්දනවි සමාගමට ලබාදිය යුතුව තිබූ බවද එහි සභාපති සමීර ගනේගොඩ මහතා සඳහන් කළේය.
ඊයේ (20දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේබව කීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විවිධ වාසි සහ වෙනත් වරදාන බලාපොරොත්තුවෙන් ආරම්භයේ සිටම මෙම ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබාදීමට දැඩි උත්සාහයක යෙදී සිටින බවද ඒ මහතා චෝදනා කළේය.
කෙරවලපිටිය ස්වාභාවික වායු බලාගාරය චීන සමාගමකට ලබාදීම හේතුවෙන් රටට රුපියල් කෝටි 9000ක පාඩුවක් සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම බලාගාරයේ ඉදිකිරීම් චීන සමාගමකට ලබාදීමේ වැඩ කටයුතු 99.99%ක්ම අවසන්වී ඇති බවත්, ඒ අතරේ තවත් බලාගාරයක් ඉදිකිරීමේ අවස්ථාව ලක්දනවි සමාගමට ලබාදෙන බවට අමාත්‍යාංශය සඳහන්කර ඇති බවත් සමීර ගනේගොඩ මහතා පැවසීය.
මෙම ටෙන්ඩරය ලක්දනවි සමාගමට ලබාදීමට විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා දිගින් දිගටම අකමැත්ත පළකළ බවත්, එක් අවස්ථාවක ලක්දනවි සමාගමේ නිලධාරීන් අමාත්‍යාංශයට කැඳවා ටෙන්ඩරය ඉවත් කරගන්නා ලෙස ඉල්ලීම් කළ බවද ඒ මහතා කියා සිටියේය.
එල්ටීඑල් සමාගමේ කොටස් සහ එහි හිමිකාරීත්වය පිළිබඳ මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්නකළ අතර, එම ප්‍රශ්නවලට නිසි පිළිතුරු දීමට අපොහොසත්වීමත් සමග මාධ්‍ය හමුව තරමක් උණුසුම්තත්ත්වයට පත් විය.
එල්ටීඑල් සමාගයේ කොටස් හිමිකාරීත්වය, රජයේ විගණනයට බඳුන්වීම, බදු ගෙවීම, සමාගම යටතේ ඇති අනු සමාගම්, ලාභය බෙදීයන ආකාරය ආදිය පිළිබඳ මාධ්‍යවේදීහු මෙහිදී ප්‍රශ්න කළහ.
මෙම සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ඉදිරියේදී තවත් මාධ්‍ය හමුවක් කැඳවන බව ඔවුහු එහිදී සඳහන් කළහ.