ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන පළමු ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතිය වන වත්තල, කෙරවලපිටිය 350MW සොබාදනවි ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා කොළඹ වරායට ගොඩබා ඇති වාෂ්ප ටර්බයින් (ST), වාෂ්ප ටර්බයින් උත්පාදක (STG), ප්‍රධාන පරිවර්තකය සහ තාප ප්‍රතිසාධන වාෂ්ප උත්පාදක (HRSG) උපකරණ 2024 ජනවාරි 03 වැනිදා සිට පෙබරවාරි මස අවසානය දක්වා වරින් වර දින 19ක් පුරා රාත්‍රී ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව අද 08 දා පස්වරුවේ යන්ත්‍ර වලින් කොටසක් වරායේ සිට හැදල- හේකිත්ත තාවකාලික ජැටිය වෙත පුවාහනය කල අයුරු සේයාරුවෙහි දැක්වේ.
සේයාරුව: වත්තල - ස්ටැනිස්ලස් පයස්
