තම ඉන්ධන හල් සංඛ්‍යාව වැඩි කිරීමට ෙහා් සිපොට්කෝ ඉන්ධන හල් කිහිපයක් තමන් වෙත ලබාදෙන ලෙස ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඒ සඳහා අවසර දීමට හැකියාව ඇති නමුත් ඉන්ධන ගෙන්වීම වෙනුවෙන් මහ බැංකුවෙන් ඩොලර් ලබාදීම වෙනුවට ඉන්දීය තෙල් සමාගම හරහා තෙල් මිලදී ගැනීමට ක්‍රමයක් ඇත්දැයි සලකා බලන ලෙස ඔවුන්ට දන්වා ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.