ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරිමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
ඔක්ටේන් 92 වර්ගයක පෙට්රල් ලීටරයක් රුපියල් 82/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇතැයි තිබේ.
මේ අනුව ඔක්ටේන් 92 වර්ගයක පෙට්රල් ලීටරයක් රුපියල් 420ක් දක්වාත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 450ක් දක්වාත් ඉහල ගොස් තිබේ.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 289/-ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400/-ක් වන අතර රුපියල් 329/-ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445/-ක් වන වෙයි.