ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් LECO හි නව සභාපතිවරයා ලෙස නීතිඥ අතුල ප්රියදර්ශණ ද සිල්වා මහතා පත් කිරීමට ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.
ඊයේ (23) ඛනිජතෙල් සම්පත් අමාත්‍යාංශයේ දී ඒ මහතා අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපිය බාර ගත්තේය.
LECO හෙවත් ලංකා විදුලි පුද්ගලික සමාගම 2019 වසරේ කෝටි 300කට ආසන්න ආදායමක් උපයා ඇති අතර, බස්නාහිර පළාතේ හා ගාල්ල නගර සීමාව තුළ එම සමාගම විසින් සිය මෙහෙයුම් පවත්වා ගෙන යයි.
ලක්ෂ පහමාරකට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් සිටින ලංකා විදුලි පුද්ගලික සමාගම 1500කට ආසන්න සේවක පිරිසක් සේවය කරන ආයතනයකි.