ශ්‍රී ලංකාවේ සංචාරය කරන දේශීය හා විදේශීය සංචාරකයන්ට පහසුවෙන් තොරතුරු ලබාගත හැකි වන අයුරින් නිර්මාණය කර ඇති ‘KNOWSL’ වෙබ් අඩවිය පසුගියදා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුං මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ විවිධත්වය සංචාරකයන් අතරට රැගෙන යමින් ශ්‍රී ලංකාව සංචාරකයන් අතර ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මේ හරහා බලාපොරොත්තු වෙයි.
මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය ජෝන් අමතුරතුංග මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට අවශ්‍යම අවස්ථාවක මෙම වෙබ් අඩවිය බිහිවූ බවයි. නවාතැන් පහසුකම්, ආහාර හා පාන, ඉසව්, ගමනාන්ත හා සංචාරක ආකර්ශනීය ස්ථාන ඇතුළත්ව මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.
නොදන්නා දෙයක සිට දන්නා දෙයක් දක්වා පරිවර්තනය කිරීම මේ හරහා බලාපොරොත්තු වන අතර, මෙහි පරිපාලකයන් ඒය ඉදිරියේදී ඒය ජංගම දුරකථන යෙදුමක් වශයෙන්ද සංවර්ධනය කිරීමට බලාපොරෙත්තුවේ.
EL 89 ස්ටූඩියෝ විසින් සම්පූර්ණ හිමිකාරිත්වය දරණ KNOWSL වෙබ් අඩවිය ආරම්භ කිරීමේ අවස්ථාවට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ