රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති ‘JN වන්’ නව කොවිඩ් උපප්‍රභේදය හේතුවෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ දක්වා සිදු කරන ලද පර්යේෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
JN වන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට ඉන්දියාව, අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තා වී ඇති අතර, ශීත ඍතුවත් සමඟ එහි ව්‍යාප්තිය ඉහළ යා හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම නව කොවිඩ් ප්‍රභේදය අමෙරිකාවෙන් පළමු වරට හදුනාගෙන තිබුණු අතර, කේරළ ප්‍රාන්තයෙන් ඉන්දියාවේ ව්‍යාප්තිය ආරම්භ වූ JN වන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත වුවන් 614 දෙනෙකු ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති අතර, එය පසුගිය මැයි මස 21 වැනි දාට පසු ව ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වීම විශේෂත්වයකි.