කෝරලේපත්තු උතුර ප්රාදේශීය සභාවේ සභිකයෙකු වන බාලසිංහම් මුරලිදරන්ගේ සභික ධූරය අහෝසි වී ඇති බව එම ප්රා දේශීය සභාවේ තේරීම්භාර නිලධාරී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මන්ත්රීවරයා තේරී පත්වූ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ සාමාජිකයෙකු සිටීම අවසන් කර ඇති හෙයින් ඔහුගේ සභික ධුරය මෙසේ අහෝසි වී තිබේ.