ISIS සංවිධානය නැති කරන්න අපි සහාය දුන්නා
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධනාය විනාශ කිරීමට ශ්‍රී ලංකාවට සහාය දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“අපි නිදහස් සමාජයක් ඇති කරලා තිබෙනවා. අද කාටවත් නීතියෙන් තොරව පොලීසියට ගෙනි යන්න බෑ. අද කොහාටවත් සුදු වෑන් එන්නේ නෑ. එනවනම් එන්නේ සුවසැරිය ගිලන් රථ පමණයි.
ඒ වගේම මේ රටේ කවුරුවත් මාධ්‍යවේදීන් අතුරුදන් වුණේ නෑ. හැමදාම මට බැනලා, බස් එකේ නැගලා මෝටර් සයිකලයේ නැගලා ගෙදර ගිහින් ආපහු පහුවෙනිදාට මට බනිනනවා.
ඒ් සමාජයක් අපි ඇතිකරලා තිබෙන්නේ. ඒ සමාජය අපි ඉදිරියට ගෙනි යන්න ඕන. ඒක භුක්ති විදපු අය ඒ සමාජය ආරක්ෂා කරන්න ඕන. ඒ කාර්යයට අද විශේෂයෙන්ම තර්ජනයක් ඇති වෙලා තිබෙනවා.
අද කතාකරන්නේ මේ සමාජය නැති කරන්න. මේවා ආරක්ෂා කරන්න අපි ප්රජතන්ත්රවාදී පෙරමුණ ආරම්භ කළා. අපි මේ රටේ ඇතිවුණ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගත්තා. මාස තුනක් යන්න කලින් ඒක අවසන් කළා.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවානම් ඒ සංවිධානය නැති කරන්න ඕන. අයි.එස්.අයි.එස්. සංවිධානය නැති කරන්න ගත් පියවරවලට අපි සහාය දුන්නා.”

popular news
-
Purawasiya Friday, 01 November 2019 04:26 PM
මාරයිනේ, එහෙනම් රනිල් මහත්තය තමයි ISIS ලොක්ක අල්ලාගන්ට ඇමෙරිකාවට උදවු කරලා තියෙන්නේ!
Reply : 0 0
Kumar Friday, 01 November 2019 08:00 PM
අගමැතිතුමා කියන ලංකාවේ සහයගැන ඇමෙරිකාවේ කිසිම ප්‍රකාශයක් කලේ නැහැ. ඇත්තට කියන්න තිබෙන්නෙ ලංකාවේ සහය දුන්නනම් සඳහන් නොකර ඉන්න එක තමා හොඳ. නැතිනම් ලංකාවේ ගම්වල කියනවා වගේ කෑව කෑව කියල කෑගහන්නයි වෙන්නෙ.
Reply : 0 0
මුණසිංහ Saturday, 02 November 2019 07:16 AM
ඒක තමයි-ඔයාගේ සපෝට් එක නිසා තමයි ඇමරිකාවට වැඩේ කරන්න පුලුවන් වුනේ.-බුද්ධි තොරතුරු දුන්නෙ ඔයා නේද? නැත්නම් ඇමරිකාවට පුලුවන්ද ඔය වගේ අමාරු වැඩක් කරන්න? - අනේ මගේ කට!
Reply : 0 0
janahitha Saturday, 02 November 2019 09:11 AM
බම්බුව තමා බෝම්බ දැමීමට සියලු අවකාශ තම පාලනය තුල සිදු උනා ජනතාව විනාශ උනේ
Reply : 0 0
Bahuthra janathava Saturday, 02 November 2019 09:12 AM
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධනාය වෙනුවෙන් ජනතාව විනාශ කිරීමට ශ්‍රී ලංකාවට සහාය දුන් බව.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

