IRRI ආයතනයේ බිමක් මෛත්‍රී නමින් නම්වෙයි
ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.
කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනාධිපතිවරයා කරන සේවය අගය කිරීමට මෙසේ ඔහුගේ නමින් භූමි පරිශ්‍රයක් නම් කර තිබේ.
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනපතිවරයා ඊයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණ.

popular news
-
Champa Saturday, 19 January 2019 01:56 PM
කෘෂිකර්මාන්තය වෙනුවෙන් පිලිපීනෙට කරපු සේවයට වෙන්න ඕනේ. නැතනම් ලංකාවේ කෘෂිකර්මාන්තයේ පිරිහීම පටන් ගත්තේ 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ. එතෙක් ගොවීන්ට දීල තිබුණු සහනාධාර නැවැත්තුව. පස්සේ චන්ද ලං වෙන කොට තමයි පටන් ගත්තේ. අවුරුදු ගානකට පස්සේ. සංඛ්‍යා ලේඛන බැලුවොත් පෙනෙයි මිනිස්සු කෘෂිකර්මය අතාරින්න පටන ගත්තේ 2015න් පස්සේ කියලා. ගොවීන් පාරට වැටුන. පිලිපීනෙ දවස් 5ක් සංචාරය කරන්න ගත කරපු ජනාධිපතිතුමා සති ගානක් තිස්සේ සේනා දළඹුව ගෙන් පීඩා විඳින වගාකරුවන් ගැන බලන්න ගියේ නැහැ. රනිලුයි මෛත්‍රියි. දෙන්නටම ඕනේ ලෝකේ පුරා ඒ ගොල්ලෝ ගැන සටහන් තියන්න. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ඒ ගොල්ලන්න්ට පෙන්නන්න ඕනේ මහින්දට ජාත්‍යන්තරය නැති වුනාට තමන්ට තියෙනව කියලා. මහින්දට ජාත්‍යන්තරය එරෙහි වුනේ නැහැ. මහින්දට විරුද්ධව ජාත්‍යන්තරයට ගතු කිව්වේ සිංහලයෝ. රනිලුයි මංගලයි අනිත් යූඑන්පී කාරයොයි, NGO වලින් යැපෙන කික්කොයි තමයි ඉස්සෙල්ලම මහින්දට විරුද්ධව ලෝකෙට ගියේ. ඒ හින්දයි පැහැදිලිවම LTTE එකට ආයුධ සපයපු සහයෝගය දුන්නු බටහිර රටවල් තමයි මහින්දට විරුද්ධ වුනේ. දැන් පිලිපීන FTA එකතුත් එයිද දන්නේ නෑ. පොතේ හැටියට නම් එහෙමයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

