ලංකා ඉන්දීය තෙල් සමාගම හෝ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ඉහළ දැමීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ ලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල වැඩිකිරීමේ සූදානමක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
ජනතාව නොමග යැවිම වෙනුවෙන් අසත්‍ය ප්රවෘත්ති පළකරන හා හුවමාරු කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි