ලංකා අයි.ඕ.සී. සමාගම සඳහා ශ්‍රී ලංකාව තුළ තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ කර්මාන්තයේ සියයට 10ක කොටසක් අයි.ඕ.සී. සමාගමට හිමිවෙයි. එය ලංකාවේ කොටස් වෙළඳපොළ තුළද ලැයිස්තුගත සමාගමකි.
ශ්‍රී ලංකාවේ ඉන්ධන කර්මාන්තය විවෘත කිරීම සඳහා රජය මේ වන විටත් තීරණයක් ගෙන තිබේ.