අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් මිල (25) දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිම ප්‍රතික්ෂේප කර වාහන හිමියන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.
ඇතැම් වාහන හිමියන් පෙට්‍රල් ඉන්ධන මිල වැඩි කල බව නොදැන අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටිහ.
මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන නොමැති නිසා ඉන්ධන බවසුර් පැමිණෙන තුරු බස් රථ රියදුරන් (25) දින රාත්‍රියේ සිට පොලිම් වල රැදි සිටින අයුරු දක්නට ලැබුණි.
