ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා බවත් ශ්‍රී ලංකාව අවස්ථා 16කදී ජාතයන්තර අරමුදල වෙත ගොස් ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඊයේ (17දා) දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“කොච්චර දුර ගයත්, කොච්චර කථා කළත් ආපහු කැරකිලා එන්නේ එතනටමයි. කවදාවත් ඇත්ත කථා කරන්නේ නෑ. විශයානුබද්ධ නැති සාමාන්‍ය ජනතාවට කිව්වට තේරෙන්නේ නෑ.මේක විශයක් ඒ සඳහා වනවගකීම පවරලා තියෙනවා.
ඒකට පනතක් ගෙනත් තියෙනවා. ඒක වැරදි විදිහට සංශෝධනය කරලා තියෙනවා නිලධාරීන් හා වෙනත් දේශාපලන උවමන එපාකම් අනුව. ඒ වැරැද්ද අපි නිවැරදි කරන්න ඕන. වැරැද්දක් වුණා කියලා අපි පිළිගන්න ඕන.”