ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිචාර දක්වා තිබේ.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති ප්‍රතිපත්ති වෙනස්කිරීම් ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.
විදේශ විනිමය වෙළඳපොළට තිබූ බාධා ඉවත් කිරීම, පාධාන භාණ්ඩ සඳහා වෙළඳපොළ ප්‍ර වේශය අනුව මිල තීරණය කිරීමට අවස්ථාව දීම, අපේක්ෂිත ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, විදේශ විනිමය වෙළඳපොළ නම්‍යශීලී කිරීම, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම ආදී තීරණ දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.
එසේම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීපව කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සඳහා සූදානම් බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.