මෙරට තුළ ඉහළ යන උද්ධමනකාරී පීඩනයන් පාලනය කිරීම සඳහා දැඩි මූල්‍යන ප්‍රතිපත්ත ස්ථාවරයක් ක්‍රියාත්මක කිරීම සහ අයවැය හිඟය සඳහා මහබැංකුවේ ඍජු මූල්‍යකරණය අදියර කිහිපයකින් සිදුකිරීම කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2021 4වැනි වගන්ති සාකච්ඡාව අනුව කාර්යමණ්ඩල වාර්තාවේ නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම කොළඹ වරයා නගර ව්යාේපෘතිය විචක්ෂාණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයක් දැරිය යුතු බවද අදාළ වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා ක්‍රමයෙන් වෙළෙඳ පොළ විසින් තීරණය කරනු ලබන සහ නම්‍යශීලී විනිමය අනුපාතිකයන්ට අවතීර්ණ විය යුතු බවද නිර්දේශ කර ඇති බව වාර්තා විය.
එම නිර්දේශද ඇතුළත්ව මෙරට ආර්ථිකයට වැදගත් වන නිර්දේශ 12ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2021 4වැනි වගන්ති සාකච්ඡාව අනුව කාර්යමණ්ඩල වාර්තාවේ සඳහන් කර තිබේ.
එම නිර්දේශ සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක මහතා තමන්ගේ නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්තමානයේ මුහුණ පා ඇති දැඩි අවදානම් තත්ත්වය මාධ්‍ය නිවේදනය මගින් හොඳින් හඳුනාගෙන ඇති නමුත් ඇතැම් අවදානම් මාධ්‍ය නිවේදනය මගින් අතිශයෝක්තියෙන් යුතුව සඳහන් කරඇති බවයි.
එමෙන්ම එම අභියෝග විසඳීම සඳහා මෙරට බලධාරීන් ගෙන ඇති උත්සාහයන් අවතක්සේරු කර ඇති බවමුදල් අමාත්‍යවරයා විසින් සඳහන් කරඇති බවද වාර්තා විය.