ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (26දා) පැවැත්වීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් පළමු ණය වාරිකයට අදාළ සමාලෝචනය මෙහිදී සිදුකිරීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡා මාලාව පසුගිය 14 වනදා ආරම්භ කර තිබුණි.
මෙම සමාලෝචන සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන් අනතුරව ජාත්‍යනතර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබදෙන දෙවැනි ණය වාරිකය සම්බන්ධයෙන් වන ගිවිසුමට එළැඹීමටද නියමිතය.