ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
එහි දී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදු විය. එහි දී විශේෂයෙන් වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
විශේෂයෙන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා මෙරට වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට සිදු කර ඇති බලපෑමත් සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස දැනුවත් කර සිටියේය. එසේම සමගි ජන බලවේගය බලයට පත් වූ විගස මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළැඹ ඒ තුළින් රට ගොඩ ගැනීමේ ක්‍රමෝපානයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
