ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජූනි මස 20 වැනි දින මෙරටට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ අගමැතිවරයා අතර කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවක් අතරතුර අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ජුනි මාසය අවසන් වන විට මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.