ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වනදා රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍ර යේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"ඉදිරි සති කිහිපය ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වනවා. ලබන දෙසැම්බර් 06 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස් වී අපට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ද්වී පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව සාකච්ඡා කර අවසන් කරගැනීමට ද නියමිතව තිබෙනවා."