IMF අවසන් එකඟතාවට පෙර කැබිනට් මණ්ඩලය දැනුවත් කරනවා
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවසන් තීරණයකට පැමිණිමට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
එලෙස දැනුවත් කිරීමේදී විපක්ෂයට, කථානායකවරයාට මෙන්ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටත් සහභාගී විය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළ බව කථානායකවරයා අද (22දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එමෙන්ම මෙතෙක් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකු දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළ බව පැවසූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන - ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා අයි.එම්.එෆ් ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයවත් දැනුවත් කරලා නෑ කියලා. එකඟත්වයක් පමණක් මෙහිදී පළ කරලා තිබෙනවා කියලා කිව්වා. එම එකඟත්නය අයි.එම්.එෆ් මණ්ඩලය මගින් සම්මත විය යුතුව තිබෙනවා.
ඒ නිසා අනිත් ණය හිමියන් සහ රටවල් සමග සාකච්ඡා කර අවසන් වනතුරැ අවසන් එකඟත්වයකට දෙන්නේ නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවමත් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා නෑ. ඒ විස්තර සියල්ල ලැබුණු පසු කඩිනමින් දැනුම් දෙන බව එතුමා සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් විපක්ෂයටත්, කථානායකවරයාටත්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයටත් දැනුවත් කිරීමට සහභාගී විය හැකි බවද සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට ඇවිල්ලා නෑ. තවත් එකතු විය යුතු දේවල් තිබෙනවා. සංශෝධන එකතු කර යුතුව තිබෙනවා. ඒ නිසා අමාත්‍ය මණ්ඩලයට හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා නෑ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - ජනාධිපතිතුමා ඔබතුමාට කිව්වලු අපිට පෙන්වන්නේ ඇග්රිමන්ට් එක ෆයිනල් වුනාට පස්සෙලු. ඒක වැරදිද?
කථානායක මහින්ද යාපා අබේවර්ධන - ඒක වැරදියි. ඔහු මට කිව්වේ අවසන් තීරණට අයි.එම්.එෆ් එකත් සමග යන්න කලින් ඔහු මේ සම්බන්ධයෙන් කැබිනට් එකට දැනුම් දෙනවා කියලා කිව්වා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

