ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවර දී පැවසීය.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (29) මහනුවර මහ ලේකම් කාර්යාලයේදී පැවතිආහාර සුරක්ෂිතතාවය පිළිබඳසාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකෙරෙන සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වී එහි ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන වාර්තාවඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතිනවා . ඉදිරි අයවැයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු අපගේ මිත්‍ර රටවල් දෙන ආධාර පිළිබඳ වාර්තා රටට ඉදිරිපත් කරනවා .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරුණ සාකච්ඡා එම මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මණ්ඩලය අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරනවා. මෙම සාකච්ඡා වලටමහ බැංකුවේ අධිපති, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා, එම සාකච්ඡා වලට සහභාගි වනවා . එහි සියලු වාර්තා අනුමත කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලයයි .
රජයේ ආදායම් අඩුවීම බදු වැඩි කිරීමට හේතුවක්.රජය පවත්වාගෙන යාමට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට විශාල මුදලක් අවශ්‍ය කොට තිබෙනවා. එය රජයේ බදු ආදායමට වඩා වැඩියි. ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ඇතිව සමහර අය ප්‍රකාශ නිකුත් කරනවා කියා මා සිතන්නේ නැහැ .රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිදු කරගෙන යන වැඩ පිළිවෙළට සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වනවා”
ෂේන් සෙනෙවිරත්න