ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබේ.
බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අණාවරණය කළේය. 2025 වසරේදී ප්‍රාථමික අයවැයේ අතිරික්තය සියයට 2ක් කර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බවත් එය ගැටලුකාරී තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
2023 වසර ලෝක ආර්ථිකයට යහපත් වසරක් නොවන බවත් 2024 දී ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව 2025 වසරේදි ශ්‍රී ලංකාවට අතිරික්ත හෝ හිගයක් නොමැති ප්‍රාථමික අයවැයක් හෝ සියයට 1ක පමණ අතිරික්තයක් ඇති අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි බවද ඔහු පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති අවසන් වටයේ සාකච්ඡාවලට තමන්ද එක්වූ බවත් ඔහු පැවැසීය. අම අරමුදල සමග වැඩසටහන ජුනි මැද වන විටවත් ආරම්භ කිරිමට අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා පැවැසිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපනයන අභිමුඛ ආර්ථිකයක් බවට පත්කළ යුතු බවත් ඔහු ස ඳහන් කළේය. ඉදිරියේදී බදු වැඩිකිරිමට සිදුවන බවත් අධ්‍යාපනය සෞඛ්‍ය හැර සෙසු අංශවල වියදම් කප්පාදු කර ඒවා සමාජ සුබ සාධනය වෙනුවෙන් යෙදවිය යුතු බවත් ඔහු පැවැසීය.
ශ්‍රි ලංකාව ලබාගෙන ඇති ණය යම් දවසක ගෙවීම් ආරම්භ කළ යුතුව ඇති බවත් ඒ සදහා ආදායම් උත්පාදනය කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරා වැඩිදුරටත් සඳහන් කළේය.