IMF සහාය ගන්න මානව හිමිකම් ආරක්ෂා කිරීම වැදගත්
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාතිපති ජූලී චන්ග් මහත්මිය හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් අද (10 දා) පැවැත්වීය.
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගැන එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාව වන බව ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ඔවුන්ගේ සහය හිමිවන බව සඳහන් කළ තානාපතිනිය මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන ද එහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි කාර්ය භාරය ගැන සාකච්ඡාවට බඳුන් විය.දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වූ අතර රටතුල පවතින වත්මන් සාමකාමී තත්ත්වය ගැනත් අගෝස්තු 9 වැනි දින කිසිඳු ව්‍යසනකාරී සිදුවීමක් නොවීම ගැනත් ඇමරිකානු තානාපතිනිය සිය සතුට පළ කර සිටියාය.
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ගැන සඳහන් කළ ජුලී චන්ග් මහත්මිය, සියලුම රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධ වී කටයුතු කරන ලෙස ද ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටයාය.
popular news
-
මාම Wednesday, 10 August 2022 09:46 PM
මේ වගේ මිනිසුන්ට හොද දැනීමක් තියෙනවද ඇමරිකන් තානාපතිනිය සමග රටේ ආර්ථික ප්‍රස්න සාකච්චා කරන්න , මෙයා හොදයි ඩිල් ගැන , LTTE එකට සල්ලි දෙන විදිය කතා කරන්න. මේ වගෙ මිනිස්සු දේශපාලනයෙන් ඈත් වෙන්න ඔනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

