ශ්‍රි ලංකා නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඉදිරි සති කිහිපයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට නොවන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමක් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සාකච්ඡා කිිරීීමට සූදානමක් ඇති බව ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කළේය.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය පැහැදිලි කරමින් අධිපතිවරයා ඉහත අදහස් දැක්වීය.