ජාතන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ඉක්මනින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාව පිිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණි ඇති අතර ඔවුන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
මේ පිළිබඳව තවදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරිමක් කරන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව කඩිනමින් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවයි.