ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියකු ලෙස චීනය , ශ්‍රී ලංකාවේ ස්ථාවරය ධනාත්මකව සලකා බැලීමට සහ හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පවසයි.
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා හා චීන තානාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලා ඉක්මනින් එකඟතාවකට පැමිණීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා චීනය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සූදානම් බවද තානාපතිවරයා මෙහිදි පවසා තිබේ.
මුදල් අමාත්‍යාංශයේ දී අද (2) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සහ දෙරට අතර පවතින සහයෝගීතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා මෙහිදි සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට චීනයේ පූර්ණ සහයෝගය හිමි වන බව ද චීන තානාපතිවරයා මෙහිදි පවසා ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට චීනය පැහැදිලිවම සහාය දෙන බවත් ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති චීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් කල් පිරෙන ණය ගැටලු විසඳීම සඳහා අදාළ මූල්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කිරීමට චීනය ක්‍රියාකාරීව සහාය දෙන බව පවසා ඇත.