ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක් වරකදී ලබාගත් වැඩිම ණය මුදල ලබා ගත්තේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව අවස්ථා 29කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇති බවත් වත්මන් රජයද අවශ්‍යනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව 'විවෘත මනසකින්' කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය. විදේශ ප්‍රේෂණ ලැබීම මෙන්ම සංචාරක ක්ෂේත්රයෙන් ලැබෙන ආදායම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් පවතින ගැටලුකාරී තත්ත්වය මාසයකින් දෙකකින් සමනය නොවන බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ අපනයන වලට වඩා ආනයන දෙගුණයක් බවට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.