ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම මොරොක්කෝවේ, මරකේච්හිදී අද (09දා) ආරම්භ වේ.
ඒ අනුව එළඹෙන 15වැනිදා දක්වා පැවැත්වෙන මෙම රුස්වීම සඳහා මෙරට නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා සඳහන් කර සිටියේ 2024 වර්ෂය තුළදී මෙරට ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම මෙහිදී සකස් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.