ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර ඇතිඅවස්ථාවේදී රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම පැවසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධ වාර්තාවෙහි සඳහන් කර ඇති ආකාරයට සැලසුමක් සහිතව මූල්‍යඅරමුදල වෙත යන්නේද?නොයන්නේද? යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද (03දා) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවේදීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට අදාළව ඊයේ (02) නිකුත් කළ වාර්තාව පිළිබඳවද මෙම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීය.
රජය සතුවිදේශ සංචිත අඩු වීම,බඩුමිල වැඩිවීම මෙන්ම මහ බැංකුවට මුදල් අච්චු නොගසන ලෙස දැනුම්දීම ඇතුළු කරුණු රාශියක් මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022ට අදාළව නිකුත් කළ වාර්තාවේ ලංකාව, සිම්බාබ්වේ රාජ්‍යය සමඟ සම තත්ත්වයක තැබීමද විශේෂත්වයක් බවට වික්‍රමසිංහ මහතා පැවසීය. මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙන මේ අවස්ථාවේදී ගන්නා පියවර කුමක්දැයි රජය වහාම කිවයුතුව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාළ වාර්තාව සකසන අවස්ථාවේදී පැවැති තත්ත්වය අනුව ලංකාවේ සංචාරක පැමිණීම වැඩිවිය හැකි බව සඳහන් කෙරුණද, රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් ඒ තත්ත්වය වෙනස්වී ඇති බවද මෙහිදී සාකච්ඡා විය.